Saturday, December 22, 2012

සඳු වී දිලෙන්නම් දිනයක ඔබෙ සිත් අහසට


කඳුලක් හෙළා සනසමි සිත දැනෙනා.....තනියට 
සුවඳක් වෙලා එමි ඔබ වෙත මුසුවී.........පවනට 
පැතුමක් පතමි ගුලි වෙන්නට ඔබ ලය....මඩලට  
කුමුදක් සේ පිපෙමි සඳු වී ඔබ එන.........රැයකට 

සිඳු ගී...ගයයි රළ පෙළ පාවී විත්.........වෙරළට 
මදු මී...අමා කුමටද සෙනෙහස මිස........දිවියට
පුද දී....මගේ ලෝකෙම සුහඳේ ඔබ......සුරතට  
සඳු වී...දිලෙන්නම් දිනයක ඔබෙ සිත්...අහසට 

No comments:

Post a Comment