වැව රවුමෙදී අප හමු වූ
පරණ පුරුදු බංකුව මත
හිටියත් මා වරු ගණනක්
ඔබ එහි නෑ මතක මිසක ....
එදා අපට හෙවන දුන්නු
හඬන විලෝ ගහ තාමත්
හින් හඬින් කොඳුරනවා
සුළඟ එක්ක යස පෙම් කවි .....
වැව් දිය තාමත් පෙර ලෙස
රැඟුම් රඟනවා සැලි සැලි
එදා වගේ හැඩ බලන්න
අප නැතුවත් බංකුව මත ....
හෙට ආයෙත් එහි යන්නම්
මතක අහුරු තුරුළු කරන්
හැකිනම් ආපහු එනවද
පුරුදු සුවඳ යළි විඳින්න
....
No comments:
Post a Comment