Monday, February 4, 2013

නෝක්කාඩු කම් මොකටද දැන් ඩිංගක් හිනා වෙන්න ....




ගණ අඳුරට හුඟක් බයයි එපා මාව තනි කරන්න
සඳ එළිය බිඳක් ගෙට එබෙන්න ජනෙල් පියන් පත් හරින්න
සීතල සුළඟට උණුහුම ඔබෙ ලය මඩලෙන් විඳින්න
ආසයි මට ආදරයෙන් ඇස් අද්දර තුරුල් වෙන්න
ඇස් පියාන ඔබෙ සෙනෙහස හිත පුරාම දරා ගන්න ..

කතා කියන ඇස් දෙක ළඟ නිදි නැතිවම රැය ගෙවන්න
තොල් පෙති මත ආදරයෙන් උණුසුම් සුසුමක් තබන්න
උර මඩලේ සුව යහනේ සොඳුරු සිහිනයක නිදන්න
සංසාරෙම ළඟ ඉන්නම් තනි නොකරන බව කියන්න ...

හිරුත් එක්ක අවදි වෙලා අලුත් සිහිනයක් දකින්න
පිණි වැස්සේ බඩ වැටියේ සුදු අරලියා මල් නෙළන්න
ඔය ඇස් දෙක වගෙ ලස්සන පුතුට උකුලෙ සුව සදන්න
නෝක්කාඩු කම් මොකටද දැන් ඩිංගක් හිනා වෙන්න ....

1 comment:

  1. හරිම ලස්සනයි ගයනි, කවි ටික. බ්ලොග් පොස්ට් එකේ අවුලක් වෙලා වගේ. කීප තැනක තිබුනත් ඇරෙන්නෙ නෑ.

    ReplyDelete