Monday, February 4, 2013

කඳුළු නම් නොදෙන්න


පුර හඳට රස රහස් කියන්න
වළාවේ ඇබින්දක් එබෙන්න
තරුවකට පෙම් කවක් ලියන්න
සඳේ ඉඩ තිබේදැයි අහන්න

පෙම් හැඟුම් මෝරලා වැඩෙන්න
පිණි වැස්සකින් ලොවම තෙමන්න
සිසිලසේ උණුහුමෙන් වෙළෙන්න
මුවා කළ සඳ එළිය එවන්න

ගීයක්ව හදවතේ රැඳෙන්න
හාදු වැස්සක් ඇතිද අහන්න
සඳ සිසිල සේ සදා හිඳින්න
හැබැයි මට කඳුළු නම් නොදෙන්න

1 comment:

  1. හැබැයි මට කඳුළු නම් නොදෙන්න, හැමෝගෙම පැතුමක්.

    ReplyDelete