Monday, February 4, 2013

තාමත් මේ හමුවීම හීනයක් වගේ ...


ඈතින් බලා හිඳින තරු ඇස් නුඹේ
දාහක් කතා ලියයි සිත මත මගේ
ඉවසාන මග බලන්නෙමි පාළුවේ
තාමත් මේ හමුවීම හීනයක් වගේ ...

දුර උන්න මුත් ලඟින් ඉන්නා ලෙසේ
ඔබෙ සුවඳ දැවටෙන්නේ හුස්මක් දිගේ
සැඟවෙන්න ඉඩ දෙන්න ඔය පපුතුරේ
තාමත් මේ හමුවීම හීනයක් වගේ ...

මගෙ හිත පුරා දෝරේ යන ආදරේ
ළඟ ඉදන් මුමුණන්න කවියක් වගේ
ලං වෙන්නේ කවදාද කිව මැන ප්‍රියේ
තාමත් මේ හමුවීම හීනයක් වගේ ...

1 comment:

  1. ලස්සන හීනෙක ලස්සන පැතුමක්. හිතට දැනෙන කවිපෙලක්. ඔබට ජය!

    ReplyDelete