Monday, October 15, 2012

නුඹ දන්නවා නම් නොම ඉඳි දුරින් ....


අහස තරම් 
මහා පොළොව තරම් 
නුඹ තවම නොදන්නා 
ම' සිත තරම්
මම නුඹට පෙම් කළා 
ලොවට හොරෙන්,
මුළු ලොවට හොරෙන් ...

රෑ අහස පුරා 
තරු දිලෙන තරම් 
ඒ තරු අතරේ 
නුඹ සෙවූ තරම් 
නුඹ නොදුටු සොවින් 
මා හැඬු තරම් 
නුඹ තව නොදනිW ..
නුඹ දන්නවා නම් 
නොම ඉඳි දුරින් ....

මගේ කඳුළු දියෙන් 
පිණි සැදුනු තරම් 
ඒ පිණි කඳුලෙන් 
මල් පිපුණු තරම් 
ඒ මල් සුවඳේ 
නුඹ සෙවූ තරම් 
නුඹ තව නොදනිW ...
නුඹ දන්නවා නම් 
නොම හිඳී දුරින් ....

No comments:

Post a Comment