Wednesday, January 2, 2013

අභිනික්මන් ....

මගුල් බෙර මැද හැඩට සරසා පළන්දා යස තැලී පිලි 
ගෙනා නිවසට ලබා දුන්නෙමි අඳුර මැද වුව කල එළි 
ලඟින් හිඳ දුක සතුට එක ලෙස බෙදා ගත් ඔබෙ සමනළි 
දමා යන්නට හැකිද දැක දැක නෙතින් ගිලිහෙන කඳුලැලි 

නිවන් මග කොහි වේද නොදනිමි දරමි ගිහිගෙයි බර හිසින් 
රකිමි දරුවන් උපන් ඔබගෙන් දිවා රෑ ඇස් දෙක ලෙසින් 
දවන මුත් සිත ගතද කිසිදා නොවිඳි මේ තනිකම් දොසින් 
තනිව ඉවසමි දරා වැගිරෙන උණු කඳුළු මාගේ ඇසින්   

යසෝදර වී බවෙන් බවයට ඔබත් සමගම එන්නැති 
ලේන කුලයේ සිටම ඔබෙ වී ඔබේ සෙවනෙම ඉන්නැති 
නමුත් සසරට බැඳ තබන්නට මගේ තුන් හිතකත් නැති 
ඉදින් සමු ගනු මියෙන තුරු සැනසෙන්න ඔබ දුන් පෙම ඇති 


No comments:

Post a Comment