Wednesday, January 2, 2013

දම් පාට හීනය



නිවිති දම් පාට තුන් සිත පුරා දැවටෙමින් 
සිතුවමක් අඳි සිත මත සැබෑ ආදරෙන් 
ඔබේ ලඟම දැවටෙන්නම් සිහිනයක් ලෙසින් 
ඇස් අරින්නට එපා සිහිනය බිඳෙයි මොහොතකින් 

මුළු ලෝකයේ බලා හිඳිනා නෙත් වලට හොරෙන් 
දම් පාට හීනයේ ඉන්නම් සදා ඔබ ලඟින් 
දේදුන්න වගේ පාට පාට මතක අහුරකින් 
සෙනෙහසේ සුවඳ තවරන්නම් ආදරේ නමින් 

හිරු  උදෙන් ඇවිත් හීන අහුර බිඳින්නට කලින් 
හාදුවක් තබා යන්නම් ඔබෙ කොපුලතක් මතින් 
උණුහුමක් දැනී ඇහැරුනාම විදුලියක් ලෙසින් 
හැමදාම හිනා වීයන් මා දුන් මතක මැදින් 

No comments:

Post a Comment