Wednesday, January 2, 2013

ප්‍රේමයක් තිබේ මා ළඟ තුන් සිත නළවන


හීනයක් වගේ අවුදින් සිත වට ........දැවටෙන 
ගීතයක් වගේ රහසින් සවණත ......මිමිණෙන 
මේඝයක් වගේ නොකියා ඇවිදින් ..සැඟවෙන 
ප්‍රේමයක් තිබේ මා ළඟ තුන් සිත ......නළවන  

හීනයක් දිගේ අවුදින් ඔබේ සිත .........සොයා 
ගීතයක් වගේ මිමිනෙමි ඔබෙ දෙතොල් ..අයා 
තාලයක් ලෙසින් දැවටෙමි ලයෙහි හිස ..තියා 
කාලයක් ඒවි ඉන්නට ලඟම දුර ........නොයා 

ඔබ නමින් දකින හීනයේ සැමදා ......දැවටෙමි 
ආදරේ ගඟක් දෝතින් ඔබ වෙත පුද ......දෙමි 
ගීතයක් ලෙසින් මිහිරැති දිවියම .........සරසමි 
ජිවිතේ ඔබයි ඔබ ළඟ සැමදා තනි ........වෙමි 

No comments:

Post a Comment