Wednesday, January 2, 2013

පෙමක නටබුන්


මලක සියුම් පෙති පොඩි කර සිතැඟි ..ලෙසේ 
දුරක ඇදුනු පාදඩ වන බඹරෙකු ............සේ 
හිතක තැවුල් රඳවා දී කඳුළු ..............ඇසේ 
අහක බලා ගෙන ඔබ උන්නේද ......කෙසේ 

මුව සිඹ ලඟින් හිඳ මගේ සුදු මැණික ...කියා 
මම ළඟ හිඳින්නෙමි කිසිදා ඉවත......නොයා 
මවමින් සුර ලොවක් මා නෙතු අසල ...තියා 
සුළඟක් ලෙසින් අවුදින් රහසේම .......ගියා 

ලය මත හිස හොවා සිහිනෙක සුව .......වින්ද 
ඔය සුදු මුහුණ සිහිවෙයි මා මන ..........බැන්ද 
ගිය කල මතක් වෙත්දී නැහැ නෙත .....නින්ද 
මිය ගිය පෙමක නටබුන් සොයනුයේ ...මන්ද 

No comments:

Post a Comment