Wednesday, January 2, 2013

තනිකමේ විරහ කව


දහක් හදවත් අතර වෙහෙසී සෙවූ මුත් ඉන්නට ඉඩක් 
පරාජිත පෙම් කඳුළු මිස නොදුටුවෙමි හිනැහෙන එක හදක් 
සඳුට හැකිවෙද එළිය කරනට ලොවම එක ලෙස සේ ඉරක් 
කඳුළු අතරෙන් සිනා සෙනු එය වේවි සැනසුම දෙන මගක්  

සියක් දහසක්  නුවන් මැද තනිකමෙන් සිත වැළපුණු  තරන් 
හයක් හතරක් නොදන්නා පොඩි එකෙකු සේ ඉන්නම් දරන් 
හෙටත් උදයේ හිරු වඩින කල නැවුම් සුබ පැතුමන් පුරන් 
යළිත් පෙර සේ සිනාසෙන්නම් නැගුණු කඳුලැලි කර  තුරන් 

රැයේ පිබිදී රැයෙහි සැඟවෙන ලොවක් නුදුටුව කඩුපුලක් 
ලෙසින් මියැදෙයි සිතක් මත කිසිවෙකුත් තව නොදුටුව පෙමක් 
හඬන්නට මිස සිනාසෙන්නට කඳුළු නැති හින්දා ඇසක් 
ලියා තබනෙමි ඔබේ නාමෙන් තනිකමේ විරහා කවක් 

No comments:

Post a Comment