Sunday, October 28, 2012

මා එනතුරු ..


ආකාසේ ඈත ඉඳන් 
වලාකුළු මතින් ඇවිදන්
ඔබෙ නාමෙන් පැතුම් දරන්
එන්න හිතෙනවා පියඹන් 

දේදුන්නක පැහැය අරන්
ආදර හිත පාට කරන්
වරා මලේ සුවඳ දරන්
ගෙන එන්නම් මා සඟවන් 

නෙත නැගී කඳුළැල් පිසලන් 
හිනා මලක් දෝත දරන් 
මා එනතුරු හීන අරන්
ඉනු මැන ඔබ දෑස අයන් ...

No comments:

Post a Comment