Tuesday, October 16, 2012

නිරතුරු ඔබ ළඟ ඉන්නම් සෙවනැල්ලක් සේ


සඳට අහස - රැයට තරුව ලෙස පෑ හේ නම් 
මලට සුවඳ - ගතට සුවය සේ ළඟ ඉන්නම් 
නෙතට සිහින වී නිරතුරු ඔබ රැක ගන්නම් 
හදට මගේ දුක් නොමදී මා සනසයි නම් ...

සඳ නැති දා තරු කැටයක් අඳුර මකන සේ
පවසට සිහිලැල් දියබිඳ විඩා නිවන සේ 
හසරැල්ලක් කඳුළැල්ලක මග අවුරන සේ 
නිරතුරු ඔබ ළඟ ඉන්නම් සෙවනැල්ලක් සේ

තහංචියට බයේ නෙතින් කතා කරන්නම් 
කාන්සියට දහස් ගණන් කවි පබදින්නම් 
හීන් සීරුවේ ඔබේ හද මැදුරට එන්නම් 
වාන් දමන කඳුළු වලට තිතක් තියන්නම් ......

No comments:

Post a Comment