Sunday, October 28, 2012

සිනාවක් වී හඬන නෙතු යට ඇවිත් සැඟවී ඉන්න නොහැකි ද


සිනා සුපිපෙන මුව කමල මත
සැඟවූ කඳුලක අරුත දුටුවද ..
සිනා මල් මත පිණි පොදක් ලෙද
දිළිසෙනා උණු කඳුළු නොදුටිද ...

හිනා වෙන මගේ ඇසි පියන් යට 
කඳුල වී නුඹ ඇවිත් රැඳුනිද ...
සිනාවක් වී හඬන නෙතු යට 
ඇවිත් සැඟවී ඉන්න නොහැකි  

කඳුළු බිඳුවක අරුත සොයමින් 
කිම්ද නුඹ සිත වෙහෙසවන්නේ..
හඬන දෙනෙතක් තරම් කවුරුද 
කඳුළු බිඳුවක අරුත දන්නේ ...

සිනාවක් වී ඇවිත් හැකි නම් 
නෙත් පියන් යට සැඟව ඉන්නේ ...
නමුත් බැරි නම් දුකක් නෑ මට 
කඳුල වී නුඹනික්ම යන්නේ ....

සිනාසුනු මගේ නෙත් කෙවෙනි මත 
කවුද කඳුලක් ගෙනත් දුන්නේ ...
කඳුළු දුන් ඔබ මිසක කිසිවෙකු
නැහැනේ බව තවම දන්නේ ...

සිනාවක් වී මගේ සිහිනයේ
ඔබයි හැම රෑකම නිදන්නේ ....
කඳුළු මල් මත සිනා අතුරමි 
කියනු කවද ඇවිත් යන්නේ ....

No comments:

Post a Comment