Sunday, October 21, 2012

පැතුම් කන්ද පාමුල සිට ...


දවසක් සිහිවෙලා නැටු හැටි පිණි වැස්සේ 
කඳුලක් ඇවිත් දඟ කරනවා නෙත අස්සේ
සුවඳක් ඇවිත් සුළඟට මගේ සිත ගැස්සේ
සුසුමක් ඇවිත් සිර කරනවා සිත් අස්සේ

යන්නට යළිත් පෙර ලෙස තෙමි තෙමි වැස්සේ
ඉන්නට ලඟින් ලං වී පෙර ලෙස සිත් සේ 
වන්නට ඔබේ පැතු පැතුමන් කන්දක් සේ
යන්නට ගියේ කිමදෝ දුර සුළඟක් සේ 

පැතුම් කන්ද පාමුල හිඳ මග බලමි
උතුම් පෙමක් හද තුළ මිහිදන් කරමි
සිතුම් ලෙසට ඔබ ඒ දැයි නොම දනිමි
ඉතින් යළිත් ආවොත් යන්නට නොදෙමි ......

No comments:

Post a Comment