Tuesday, October 16, 2012

නොකී රහස


දෝරේ යන ආදරේ නෙතු කොනේ හංග ගෙන 
නොදන්නා ලෙස හිඳිමි තරු ඇසින් හිනාවෙන 
ආදරේ කුමක්දැයි හොරෙන් මට කියාදෙන 
ඔය සිතට පෙම් බඳිමි පපුතුරෙහි හොවා ගෙන 

නොකී සහසක් කතා කියන ඔය තරු දෑස 
ඉඟි කරයි හොරෙන් විත් මල් හීනයක රෝස 
හොවා ලය උණුහුමෙහි පෙරා දී පෙම් පහස 
සඟවාන  හිඳින්නම් මා නොකී රහස 

No comments:

Post a Comment