Friday, October 19, 2012

ඇය ...



තොල් සායම් ගෑ දෙතොලඟ සිනා තවරනා 
වැළපෙන සිත සිනාවකින් ලොවෙන් සඟවනා 
මග යන එන සැම වෙත නෙතු බැලුම් හෙලමිනා 
කවුරුන් එනතුරු දෝ මේ දෑස වෙහෙසනා 

වීදි කොණක අඩ අඳුරක ලොවම දකින්නී 
හීන අහුරු එකතු කරන් ගෙල පලදින්නී
හීන වලින් පාට අරන් ලොව සරසන්නි 
දුක විකුණා කාසි සොයන් පුතුන් රකින්නී

බෝ සෙවණක බවුන් වඩන අනග කිරිල්ලි 
අතින් අතට මාරු වෙමින් යමින් ඉගිල්ලී 
සිර ගෙයි දුක වළඳන හිමි නිසා නොසෙල්ලී 
දරුවන් කුස පුරවයි ඇය දුකෙහි ගැලී ගැලී 

දරු පෙම සිහසුන තබනට පතිවත විකුණා 
ලොවම ඉදිරියේ අවමන් ගැරහුම් ලබනා  
මවකි ඔබත් මවු සෙනෙහස ලොවම නොදකිනා 
පුතුන් රකීවිද දිනයක ඔවුන් රජ වෙනා ..

2 comments:

  1. දරු පෙම සිහසුන තබනට පතිවත විකුණා
    ලොවම ඉදිරියේ අවමන් ගැරහුම් ලබනා
    මවකි ඔබත් මවු සෙනෙහස ලොවම නොදකිනා
    පුතුන් රකීවිද දිනයක ඔවුන් රජ වෙනා .

    හිතට වැදුනා ලෙසටම අක්කා.. සුපිරි කවි පන්තිය

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete