Saturday, October 27, 2012

සමුගන්න ඉඩ දෙන්න



කවි හිතම ගොළු වෙලා 
රිදුණු හිත තනි කළා 
උණු කඳුළු ගුලි වෙලා 
කවි පොතම බොඳ කළා 

ඔබ නමින් කවි ලියා 
හද සෙනේ එහි තියා 
පා කළෙමි ඔබ සොයා 
ඔබ දකී යැයි කියා 

ඔබ නුදුටු මා සිතේ
ඔබ නමින් කවි ගෙතේ
කවියක්ව ඔය හිතේ 
දැවටෙන්න මට සිතේ 

ඔබ නමින් තව නොලි
කවක පද මත වෙලී
ඉකි ගසන සිත සැලී
ඔබ සොයයි යළි යළි 

කවියක්ව ලියවෙන්න 
නොහැකිදැයි පවසන්න
කඳුලක්ව ගිලිහෙන්න
ඉඳින්, මට ඉඩ දෙන්න 

No comments:

Post a Comment