Thursday, October 25, 2012

රඟහලේ දී ..


රඟහලේ ඔබ සමග උන්නත් ඔබේ ළඟ මා එහා ...............අසුනේ
දනිමි මා දෙඩු එකඳු වදනක් නොමැති බව නම් නුඹට .......ඇසුනේ
මතක අතරින් සිතට එබිලා ඇගේ රුව විය ඔබේ ...............දසුනේ 
කඳුළු ඇවිදින් කොපුල් තෙමමින් මා දෙනෙත් යුග ඉබේ ..වැසුනේ 

රිදුණු සිත සඟවනා'යුරු දැක නොදුටු විලසට මා ..............හිඳින්නම්
'සිත රිදෙනා තරම නුඹ හට නොම දැනෙන්නට සඟව .......ගන්නම් 
සුසුම් අහසට මුදා හැර මං කඳුළු අතරින් සිනා ..................සෙන්නම් 
ඔබේ වෙන්නට දවස එනකල් කල්පයක් වුව බලා ..............ඉන්නම් 

No comments:

Post a Comment