Tuesday, October 16, 2012

එක මොහොතක් ඔබෙ වෙන්න ඒ හීනෙට ඉඩක් දෙන්න ....


සුළං රැලට මා කීවා
ඩිංගක් ඔබ ගැන බලන්න
ලඟට එන්න බැරි හින්දා
ඔබෙ සැප දුක අහන් එන්න ...

දෑස් කෙවෙනි යට සැඟවී
පැතුවත් මා සදා ඉන්න
මට නුඹ හිමි නැති හින්දා
සිහිනය වෙමි ළඟ රැඳෙන්න ....

හීනෙක දැවටිලා එන්න
මොහොතක් ඔය නෙත් වසන්න
එක මොහොතක් ඔබෙ වෙන්න
ඒ හීනෙට ඉඩක් දෙන්න ....

හීනය වී ළඟ ඉන්නම්
බෑ කඳුලක් සේ ගලන්න
මුවේ සිනා අතුරන්නම්
කඳුලැල්ලට වැට බඳින්න ..

පිච්ච මලක සුවඳ වෙලා
ඔය හිත ළඟ රැඳී ඉන්න
මගේ නොවුණත්, හිත අද්දර
පුංචි ඉඩක් මටත් දෙන්න ....

No comments:

Post a Comment