Tuesday, October 16, 2012

කරුණ කිම නොහැරෙනා මගේ සිත නුඹ අතැර


හමුවෙනා......වෙන්වෙනා දහක් යුග නෙතු අතර 
රැඳෙමිනා.......වෙළෙමිනා සිහිනයක් සේ නිතර 
වැළපෙනා.....හිනැහෙනා මගේ නෙතු මත වැතිර
රිදවනා..........සනසනා කෙනෙක් නැත නුඹ විතර 

සුවඳ දී සුපිපෙනා තුරු හිසක අතු පතර 
මලක් සේ එතෙමිනා මගේ සිතුවිලි අතර 
නිවාලයි සුසුමිනා දැනෙන දුක් දිවි කතර 
කරුණ කිම නොහැරෙනා මගේ සිත නුඹ අතැර 

No comments:

Post a Comment