Sunday, October 28, 2012

සමු නොගෙනම හැර ගිය ඔබ ගැන සිත ඉකි බින්දා


හීනයක් වෙලා අවුදින් මගේ සිත වෙළා 
ඔබ මටත් හොරෙන් ගියේ ඇයි දෝ මගේ සිත පෙළා 
මග බලා උන්නමුත් පෙම් සිත මත කඳුළු හලා 
අතර මගකදී ඔබ මා ලොව අඳුරු කළා 

හිස් අහස දෙස බලමි අහසේ නොමැත තරු එළි
ඔබ පමණි ඇවිත් උන්නේ සිත් අහස මත දිලි 
සඳ නොමැති රැයක අහසට කොයිබින්ද සැණකෙළි 
ඔබ නමින් දරා ගමි නෙතගේ නැගෙන කඳුළැලි 

දුක ලඟදි මෙමා ඔබ ළඟ හිඳ කඳුළු ඇහින්දා 
තනිකම බිඳ ඔබ ළඟ උන්නෙමි හසකැන් කැන්දා
හිනැහුණු මගෙ ඇස් මත කඳුලක උණුහුම රන්දා
සමු නොගෙනම හැර ගිය ඔබ ගැන සිත ඉකි බින්දා 

No comments:

Post a Comment