Friday, October 19, 2012

හිනැහෙමි තරුව ලෙස ඔබ ළඟ හිඳින තුරු


තරුවක් නැති කලට අහසින් කිමද පලේ 
ඔබමයි තරුව වී හද ගැබ එකළු කලේ 
දිව රෑ මගේ ලොව හිරු සඳු විලස දිලේ 
කිමිදී ගිලෙන්නෙමි සෙනෙහස් තඹර විලේ 

අහසේ කොතෙක් පිපිලා හිනැහුනද තරු 
දිලිහෙන්නේ කෙසේ තරු නැතිව හිරු 
සඳ ළඟ රැඳෙන්නට සැමදා පැතුම් පිරු 
හිනැහෙමි තරුව ලෙස ඔබ ළඟ හිඳින තුරු 

No comments:

Post a Comment