Saturday, October 27, 2012

සිහිනයෙම තව තනි වුණා .....


පින්න වැටුනම
ලන්ද අයිනේ
පින්න මල් 
සිනහා වුණා ..

සින්දු කියනා
සමනලුන් විත්
පින්න මල් මත
නැලවුනා ...

ලන්ද කෙලවර
දොලේ දිය මත
නිල් නෙළුම්
විකසිත වුණා ..

නින්ද නැති නෙතු
ඔබම සොයමින්
සිහිනයෙම තව
තනි වුණා .....

No comments:

Post a Comment