Tuesday, October 16, 2012

ආසයි මට ඔබේ වෙලා ළඟ දැවටෙන්න


පාට අහිමි හීනයකට
පාටක් දෙන්න
තනුව නොමැති ගීතයකට 
තාලය වෙන්න 
සිනා නොලද නෙතු මත 
සිනහා තවරන්න 
ආසයි මට ඔබේ වෙලා 
ළඟ දැවටෙන්න 

පුංචි කාලේ පුංචිකමට
ඔබෙ ලඟට වෙලා 
සෙල්ලම් බත් උයපු තාලේ 
මතකයක් වෙලා 
අවුදින් සිත මත හිනැහී 
සිතට ඉඟි කළා 
මතකෙන් ඔබේ වෙන්න 
පැතුම් එක් කළා 

ලැජ්ජාවට ඔසරි පොටෙන් 
මුහුණ වහන්න
මාල හතක දිස්නෙන් 
තරු නිවා දමන්න 
ඔටුනු නැතත් ඔබේ සිත මත
රැජිණිය වෙන්න 
දවස තවත් බෝ දුර දැයි 
මෙමට කියන්න ....

No comments:

Post a Comment