Saturday, October 27, 2012

සඳවතට කුමුදුනිය තවම ඇත පෙම් බැඳී ...


සුපිපි මල් පරව ගිය
ගසක් ළඟ තනි වෙලා
පිපෙන්නට සිතුනි මට
නැවුම් කුසුමක් වෙලා 
ඔය දෙනෙත හිනා වෙයි
'සිත් අහසට වෙලා
හැර යන්න බෑ මෙමට
මගේ ලොවම ඔබ වෙලා ..

කඳුල වී මා නෙතේ
හිදන් නුඹ තනි රකී
හිනාවක් වී ඇවිත් 
දැවටෙන්න වෙලි වෙලී
නැවුම් කුසුමක් වෙලා
පිපෙන්නට ඇත හිති
සඳවතට කුමුදුනිය
තවම ඇත පෙම් බැඳී ...

No comments:

Post a Comment