Sunday, October 28, 2012

තරු ඇස් දෙක ඔබේ කරන් සදහට ඉන්න ..


හැමදාමත් පෙර වගේම 
ඔබ පෙම් කළ නීල දෑස
ආසයි තවමත් පෙම්බර කතා කියන්න

හිත ඩිංගක් රිදුණු දාට 
උණු කඳුලක් උනපුවාම 
ඔබ නෑ ළඟ එදා වගේ කඳුල පිහින්න

ඇසි පිය යට හැම රෑකම
රැඳී ඉදන් හීනයකට
ඔබ එනවා හෙමින් සැරේ පාටක් දෙන්න 

හීනෙක මිස හැබෑ ලොවේ 
කවදාවත් බැරි වේවිද 
තරු ඇස් දෙක ඔබේ කරන් සදහට ඉන්න .. 

No comments:

Post a Comment