Wednesday, October 31, 2012

වරම් නොමැත ලං වන්නට


රෑ අහසට අලුත් සඳක් ආවා වාගෙයි 
සිත් මඩලට ඔබ අවුදින් තුන් සිත එළියයි 
දෙනෙත් පියා සිහිනයකම වෙළෙන්න ආසයි 
මල් සුවඳක් ලෙසින් හොරෙන් සිත මත දැවටෙයි 

හිතේ ගෙතන නොලී කවක පද වැලක් වගේ 
සිත්තම් කරමින් ඔය රුව සිහිනයක් දිගේ 
හොර රහසෙන් එබිකම් කර සිත වෙතට මගේ 
කොහෙ සැඟවුණි දැයි කිව මැන හද සිතුම් ගඟේ 

නපුරු වළාවක පුර හඳ ගිලින්නට කලින් 
සිහිනෙක සැඟ වී හෝ ඔබ ඉන්න මා ලඟින් 
සිනා කැළුම් දැක ගන්නම් ඉදන් බෝ දුරින්
වරම් නොමැත ලං වන්නට දුක දරමි නිතින් .... 

No comments:

Post a Comment