Tuesday, October 16, 2012

ආවර්ජනා


නන්නාදුනනා නගරෙදි
සුපුරුදු සුවඳක් දැනුනා 
නාදුනනා මුහුණු මැදින් 
සුපුරුදු මුහුණක් එබුනා ..

වැළලී ගිය අතීතයක 
සැමරුම් නෙත ළඟ මැවුනා 
සිව් නෙත් හමු වී මොහොතක් 
මුවඟට හසරැලි නැගුනා ...

මුවින් කතා නැති සුරඟන හීනෙක 
අතරමංව උන් තැන රැඳුනා 
මතක පොතේ පිටු සිත මත පෙරලා 
රුව නොපෙනී දුර ඇදුනා

2 comments:

  1. හම්මෝ මෙන්න ගයනි අක්ක කවි වැස්සක් වස්සවලා

    ReplyDelete
  2. හම්මෝ මෙන්න ගයනි අක්ක කවි වැස්සක් වස්සවලා

    ReplyDelete