Tuesday, October 16, 2012

සමුගැන්මට පෙර


රිදුණු හිත අරන් මම ආපහු යන්නම්
රිදුණු තරම ඔබ හට නම් නොකියන්නම්
දැනුනොතින් ඔබත් මා පසුපස ඒ නම්
දෝත පා නැවත අදරින් පිළි ගන්නම්

දුරින් ඉන්නම් ලගින් උන්නම ගොඩක් දුක හින්දා
බලන් ඉන්නම් ලගින් ඉන්නට පිනක් නැති හින්දා
සුසුම් හංගන් සිනා සෙන්නම් කඳුළු මගෙ හින්දා 
ඉතින් යන්නම් ඔබේ හද ළඟ ඉඩක් නැති හින්දා 

දුන්නු දුකත් සතුටක් ලෙස සිතන්නම්
තුරුළු කරන් ඒ සතුටෙම මියෙන්නම් 
උන්නු එදා රස තැන් සිහි කරන්නම් 
පෙන්නු අමා ලෝකය මම සොයන්නම් 

No comments:

Post a Comment