Tuesday, October 30, 2012

කිමද ආවේ...


රිදුණු හිත ළඟ
රිදුම් පිරි මැද
රැඳෙනු බැරි නම් 
කිමද ආවේ... 

කඳුළු නෙතු මත 
කඳුළු බිඳ හැර
සිනා දෙන බව
නොවේද කීවේ...

රිදුණු සිත මත
අලුත් කඳුලක් 
තබා ඇයි ඔබ
දුරට වුවේ ...

තෙතක් නැති 
දරදඬු සිතින් කිම
රිදුණු හිතකට
සෙනේ පෑවේ ....

No comments:

Post a Comment