Sunday, October 28, 2012

මතකෙට නෑවිත් ඉනු නොහැකිද දුකක් මට නොදී


ඔබේ සිනා සපිරි මුව දැක දුක මුවා කරන්නම් 
ඉකි ගසා හඬන මගෙ හිත මං දරාන ඉන්නම් 
උණු කඳුළු දුන්නු නුඹ මේ ලෙස සිනා නගයි නම් 
මේ කඳුළු මැදින් අලුත් ලොවක් හොයාන යන්නම් 

මතක අතර ඔබෙ රුව හිනැහෙනා අතරේදී 
යළි කඳුළු නැගෙයි සනසන හිත වරින් වර රිදී 
පෙම් කළ තරමට ඔබ මට දුන් කඳුළු තව මදි 
මතකෙට නෑවිත් ඉනු නොහැකිද දුකක් මට නොදී 

නෙතු වසන වසන හැම මොහොතෙම ඔබ සිහි වෙනවා 
ඔබ සිහිවන හැම මොහොතෙම කඳුළු පිරෙනවා 
කඳුළු මැදින් ඔබ ළඟ උන් අයුරු මැවෙනවා 
යළි සිනාසෙන්න ඔබ වෙතටම එන්න හිතෙනවා 

No comments:

Post a Comment