Thursday, October 25, 2012

සීතල නුවරඑළියේ අවුරුද්ද …..

මීදුම ගලන විට පොද වැස්සක් නංවා
සීතල දැනෙනවා ගත හිරි ගඩු ගන්වා 
මල් පොකුරක් දරන් සිනහා වත පෙන්වා 
රුපියල් සොයයි කඳුලක් මා නෙත  නංවා

සීතල විඳිනවුන් ඇවිදින් වසන්තෙක 
හඳුනා ගනිදෝ  මල් පෙති වල මෙලෙක 
හෙට හිරු ඇවිත් ගෙන එන නව සුබ දිනක 
සතුටක් මවන්නට හැකි වෙද දරු නෙතක 

සීතල අරන් මීදුම දුර ඇදේවා
අඳුරක් මකා එළියක් විත් එබේවා 
නෙත නැගී කඳුළු කැට එළියෙන් මැකේවා 
අවුරුදු කන්න රුපියල් සත ලැබේවා 

No comments:

Post a Comment