Monday, October 29, 2012

ලොව්තුරු සුවය


මහ බෝ සෙවනේ 
සෙත් පිරිත වගේ 
සිත නිවන ඔබේ
මුදු ස්වරය ඇසේ...

කෙහෙ රැලි අතරේ
දැවටෙන පහසේ 
මුදු ඇඟිලි දිගේ 
අම සිසිල දැනේ...

මල් විලක වගේ
මුදු සුවඳ දැනේ 
කොපුලත සිඹිනා 
උණුහුම සුසුමේ... 

ලොවුතුරු සුවයේ 
නැළවෙමි සිත්සේ 
හිඳ දෙනෙත පියා 
අම්මගේ ඇකයේ ....

1 comment: