Friday, October 26, 2012

මාය ඒ මුදු හිතැත්ති .....


රැයෙහි සිහිනෙක නිදන්නී 
දෙනෙත් මත නිදිවරන්නී
ඔබෙ වෙන්නට පැතුම් පුරමින් 
සදාකල් මග බලන්නී ..
මාය ඒ මුදු හිතැත්ති ......

සුසුදු හසකැන් නගන්නී 
දුකට කඳුලක් හෙලන්නී
දිවිතුරා ඔබ ලඟම ඉන්නට 
පැතුම් මලු පොදි බඳින්නී..
මාය ඔබ පෙම පතන්නී ..... 


හිතට තනිකම නොදෙන්නි
තනිකමට වැට බඳින්නී 
තනි හිතට ලංවෙලා නිරතුරු 
හිතේ තනිකම මකන්නි 
මාය ඔබ ළඟ හිඳින්නී ....

නිදිවරා කවි ගොතන්නි
ගොත ගොතා ඔබ පතන්නී 
කවි පුරා සඟවමින් හද පෙම 
ඔබේ නාමෙන් එවන්නි 
නොලියු කවියක සැඟව තවමත් 
ඔබේ පෙම් සිත යදින්නී 
මාය කවි සිගන්නි ...

No comments:

Post a Comment