Sunday, October 21, 2012

වඩින්න මගේ හීනෙට පොවන්න රස මීවිත ....


සුළඟක් වගේ ආවට
යන්නට එපා ඈතක 
සතුටක් වෙලා ඇස් යට 
රැඳෙන්න සිත් මානෙක 

තරුවක් වෙලා රෑකට
දිලෙන්න සිත් අහසක
පැතුමක් වෙලා ආවට
රැඳෙන්න බෑ හීනෙක 

කඳුලක් වගේ සීතට 
තෙමන්න බෑ කොපුලත
වඩින්න මගේ හීනෙට
පොවන්න රස මීවිත ....

No comments:

Post a Comment