Thursday, October 25, 2012

එන්න ද ඇවිත් සිහිනෙන් ඔබෙ ළඟ ඉන්න..


ලෙන්ගතු හීන අවුදින් යළි හිත මතට
ඔබෙ රුව අඳිනවා මත යස රඟට 
එන්නට බැරි නිසා හීනෙන් මිස ලඟට 
කඳුලැලි සලනවා රහසින් මුළු ලොවට 

සඳ ළඟ ඉන්න පැතුවා තනි තරුව වෙලා
සඳ නෑවිදින් තරුවට දුක එකතු කළා 
කළුවර ඇවිත් අහසම අවපසට හෙලා 
තරුවට දුක හිති හැඬුවා කඳුළු සලා 

සුළඟක් ලෙසින් විත් ඔබ ළඟ දැවටෙන්න
ඔබටත් හොරෙන් ඔබෙ උණුහුම විඳ ගන්න
මල් සුවඳක් වෙලා නිරතුරු සනසන්න 
එන්න  ඇවිත් සිහිනෙන් ඔබෙ ළඟ ඉන්න

No comments:

Post a Comment