Thursday, October 25, 2012

මලක පෙම


මල් කැකුළට
දුක හිතුණා
නෙතු අග 
කඳුළක් දිලුණා 
සිහින් සරින්
ඉකි බිඳුනා 
ලොවට රහසේ 
හැඬුවා ...
සමනලයෙක්
එය දුටුවා 
ඇවිදින් මල ළඟ
වැසුවා 
මල මත 
හාදුවක් තබා
රහසෙන් මෙන් 
දුක ඇසුවා ...
මල මත
සිනහා ඇඳුනා
උණු කඳුළැලි
පිස දැමුනා 
සමනල සෙනෙහෙන් 
මත්වී 
තනිකම ගැන
දුක කීවා...
සමනලයට 
දුක හිතුනා
මල ළඟ 
තනියට රැදුනා 
එදා ඉදන් 
හැමදාමත්
මල් හිනැහෙනවා ....

No comments:

Post a Comment