Tuesday, October 16, 2012

ආදරෙන්.... ලං වෙලා ......


කවියක්ව තව නොලී
ජිවිතේ පොත පුරා 
සුසුම වී ළඟ ඉන්න 
මේ රැයේ.... සිහිනයේ...

පැතුමක්ව පිබිදෙනා 
සිහින නිම්නය පුරා 
මුදු සුවඳ තවරන්න 
ආදරෙන්.... ලං වෙලා ......

නිල හසකැන් සලා 
නොකී දහසක් කතා 
ගීතයක අමුණන්න 
තනුව වී ... තත් නගා ....

No comments:

Post a Comment