Tuesday, October 16, 2012

පැතුම් කන්ද පාමුල සිට


පාවෙන වළාකුලකට නැග හිනැහිලා 
මග බලමින් හිඳිමි එනතුරු පියඹාලා
තරු මල් පිපුණු නිල් අහසම කළඹාලා
අලුතෙන් පෙම් කවක් අමුනමි ඔබේ විලා 

කළුවර කපා ගෙන අවුදින් එළිය වෙමි
සඳ නැති රැයක තරුවක් වී ලඟම ඉමි 
සුබ ලකුණක් ලෙසින් පෙර මග දිරිය දෙමි 
නෙත් දෙක වසා උණුහුමකට තුරුළු වෙමි 

පවනැල්ලක් ලෙසින් සියොළඟ වැළඳ ගමි
සිතුවිල්ලක් වෙමින් සිත මත වැතිර ඉමි 
අරුණැල්ලක් මැදින් දිවියට එළිය වෙමි  
සැනසිලක් දෙමින් දිව රෑ ළඟ රැඳෙමි

No comments:

Post a Comment