Thursday, October 25, 2012

ඔබගෙයි සදා...


පන්හිඳ ගොතන ඔබේ සියුමැලි කවියකට 
තාලය වෙන්න හැකි නම් මට ගීයකට 
රැජිනක් වෙමිය සිහසුන් නැති මුත් ඔබට 
ඔබ රජු තමයි මාගේ හද විජිතයට 

තුරු හිස මතට අලුතෙන් මල් ගවසන්න 
සුදු සඳවතට පෙම් පැහැයක් තවරන්න 
නුදුටුව සිතුවමක් තෙලි තුඩ නිමවන්න 
පෙම් වසන්තයක් විලසට ඔබ එන්න 

නළමුදු සුවඳ සේ ඔය ගත දැවටෙන්න

සැලමුතු පින්න සේ සියොළඟ නහවන්න 
තරුමුතු විලස ඔබේ ලොව එළි කරලන්න 
මේ මුදු හිතට පින් ඇති දෝ ඔබේ වෙන්න 

නිලඹර දිලෙන රූසිරු තරු මල් අතර 
පලබර තුරු හිසක පිපි නෙක මල් අතර
ගැබ්බර ගොයම් නලවන පවනැල් අතර
පෙම්බර බවක් නැහැ ඔබගේ හිත විතර 

සෙවනැල්ලක් විලස නොසැලී ළඟ ඉන්න
හද ගැස්මක් වෙලා හිත මත සැතපෙන්න
සැනසිල්ලක් වෙලා නෙතු මත දැවටෙන්න
ඔබගෙයි සදා වෙන්නොම වෙමි දැන ගන්න 

No comments:

Post a Comment