Tuesday, October 16, 2012

පැතුම


ලියතඹරාවක් නොවී 
තවුස් දැහැනෙන් මුදන
නා මල් වන්නෙමි
මුනිඳු පා මුල පිදෙන ...

ශෝක ගීයක් නොවී
වැළපෙනා සිත් ගයන
තේරී ගීයක් වෙමි 
දනන් සිත් සතපවන....

කුණාටුව නොම වෙමින් 
මුළු ලොවම කලඹවන
මන්ද මාරුතය වෙමි
දියත සනහා ඇදෙන ...

කටුක හිරු රැස් නොවී
සිත් සතන් දවාලන
සුමුදු සඳ කිරණ වෙමි 
ලොවම සුවපත් කරන ....

රුදුරු අවියක් නොවී 
තවකෙකු නසාලන
සිහිල් පැන් පොදක් වෙමි 
දැවුණු ගිනි නිවාලන .........

No comments:

Post a Comment