Saturday, October 20, 2012

~~~ ඔබ ~~~


මිහිරිම සිහිනයකි නිදි නැති නෙතු දකින
සොඳුරුම කවිකමකි පන්හිඳ පද බඳින 
සතුටකි හිනාවක් සේ නෙතු මත දිලෙන 
නොසැලෙන අදිටනකි සසරෙම ළඟ රැඳෙන 

සිහිලැල් දිය රැල්ල වියැළුණු දිවි කතරේ
මද මුදු පවනැල්ල සුව දෙන හද ගැඹරේ
සුවදෙන අරුණැල්ල දිලෙනා නිල් අඹරේ 
මා හද සැනසිල්ල ළඟ රැඳෙනා සසරේ 

පවනැල්ලක් විලස අවුදින් හොර රහසේ
හසරැල්ලක් මවයි ඔබ මා සිත් අහසේ 
ගඟුලැල්ලක් ලෙසින් ගලනා මුදු පහසේ 
කිමිදෙමි ගිලෙමි සැනසෙමි දිවියම සිත්සේ 

තරුවට දිලෙන්නට හිරු වී ඔබ ඉන්න 
සිහිනෙට අරුත සේ නෙතු මත හිනැහෙන්න
සිතුවිල්ලක් වෙලා සිත මත ඇවිදින්න 
තනිකම මකා මගෙ ලෝකෙම ඔබ වෙන්න  

No comments:

Post a Comment