Sunday, October 21, 2012

ඔබෙ නොවී ඔබෙ වෙන්න ...


නොලියු කවියක් වෙලා - ඔය හිතේ සැඟවෙන්න
සතුටු කඳුලක් වෙලා - ඔබ නෙතේ දැවටෙන්න
ප්‍රේම ගීයක් වෙලා  - දෙතොල් අග මිමිනෙන්න
ඉඩ දෙන්න මට ඇවිත් - හීනයක් වී ඉන්න ..

මල් සුවඳ සේ ඇවිත් - හද මඩල පුබුදන්න
සඳ එලිය වී රැයක - සිසිලසක් ගෙන දෙන්න
තරු පිපුණු අහස යට - රැයක තරු ඇහිදින්න
ඉඩ දෙන්න මට ඇවිත් - ඔබ ලඟම දැවටෙන්න ....

විහඟ ගීයක ගැයෙන - ආදරේ විඳ ගන්න
සයුරු රළ හා බැඳුණු - ගීතයක පද වෙන්න
තනිව හඬනා රැයක - කඳුල වී ළඟ ඉන්න
ඉඩ දෙන්න මට ඇවිත් - ඔබෙ නොවී ඔබෙ වෙන්න ...

No comments:

Post a Comment