Tuesday, October 16, 2012

පින් මද පෙම


නිල් නුවන් අග
ලිව් රහස නුඹ 
මං නොදන්නා 
විලස ඉන්නම් ..

සිල් බිඳින්නට
පවු පුරන්නට
නොහැකි හින්දා 
දුරස් වෙන්නම් .... 

දුල් නුවන් යුග
තෙත් කරන්
ගලනාවූ කඳුලැලි
සඟව ගන්නම් ...

යම් භවෙක
පෙම්වතුන් වී අපි
අපේ වෙන්නට
පින් පුරන්නම් ....

No comments:

Post a Comment