Sunday, October 21, 2012

වෙනස - එදා සහ අද


එදා ..
පුංචිම පුංචි 
කඳුළු බින්දුවක්
මගේ ඇස් අගිස්සේ
නලියන කොට
ඔයා 
ගොඩාක් 
කලබල වෙනවා  ...

අද ..
මොර ගෙඩි 
තරං ලොකු
කඳුළු බින්දු
මගෙන් ඇහෙන්
ගිලියෙද්දී 
දැක්කේ නෑ වගේ
ඔයා 
අහක බලන්
ඉන්නවා ....

ඔච්චර ලේසියෙන්
වෙනස් වුණේ
කොහොමද කියනවද ....

මටත්
වෙනස් වෙන්න ...

No comments:

Post a Comment