Friday, October 19, 2012

කඳුළු කවිකම් ...



පිපී නෙතු අග
දිලෙන හැම රැය
කඳුළු මල් වැල්
නෙලමි මං ...

මලින් මල ගෙන
ගොතා කවියක
ඔබේ නාමෙන් 
එවමි මං ...

ගෙතු කවියක
රැඳුණු උණුහුම
ඔබේ හදටත්
දැනුණි නම් ..

හෙටත් අලුතෙන් 
මල් නෙලා ගෙන
කඳුළු කවිකම්
කරමි මං .....

No comments:

Post a Comment