Tuesday, October 16, 2012

ඔබේ නාමෙන් නොලියු කවියට තාම මං පද ගොතනවා


ඔබ නොදන්නා නමුත් තවමත් මාත් තරු කැට ගණිනවා
හොරෙන් හෝ තරු අතර සැඟවී ඔබත් ඇත්දැයි සොයනවා
ඇසේ කඳුලැලි හොරෙන් හංගන් තාම මං ඉකිබිඳිනවා 
ඔබේ නාමෙන් නොලියු කවියට තාම මං පද ගොතනවා 

දිලෙන තරු කැට වාගේ ඔබ නෙතු දෙනෙත අබියස මැවෙනවා
දෙනෙත් යට සැඟ වෙන්න රහසෙම දුවන් එන්නට හිතෙනවා 
නමුත් නුඹ මට අයිති නැති බව ම'සිත කොඳුරා කියනවා 
සුසුම් වැල් සුළඟටත් මුසු කොට කඳුළු අතරෙම රැඳෙනවා 

No comments:

Post a Comment