Saturday, October 27, 2012

මාලති


නොහඬන්න මාලති 
හෙට ඒවි සඳවතී 
ඔබ නිසා දුක සිති 
ළඟ රැඳෙමි මෙ'මං - ඔබ නොදන්න තරු අරුන්දතී 

පුරපසට පෙම් බැඳන් 
සඳ දිලුනි දුර ඉදන් 
සඳට පෙම් බැඳන් 
මාලතිය හඬයි - සඳ සැඟ වුණි අවපසට නිදන් 

වළා මත අරා 
තරු හිඳී දුක දරා 
පෙම් සිහිනයක සරා 
කඳුලැලි මකන්න වඩිනු රිසින් - මාලතිය කරා 

No comments:

Post a Comment