Sunday, October 21, 2012

නුඹ නමින් හැමදාම පෙරුම්දම් පුරනවා ...


දුක ඇවිත් සිත ගාව
වැළපෙනා මහා රෑක
මට ඇවිත් ඔබ ගාව
රැඳෙන්නට හිතෙනවා...

කඳුළු පිරි නෙතු ගාව
සීතලෙන් දඟ පාන
කඳුළු කැට පිසලන්න
එන්න මට හිතෙනවා ...

තනිකමින් මොර ගාන
සුසුමකින් ඉකි ගහන
ඔය හිතට හිනාවක්
වෙන්න මට හිතෙනවා ....

නොකියනා පෙම් කවිය
නොලියනා පද වැලක
නුඹ නමින් හැමදාම
මගෙ හිතේ ගෙතෙනවා ...

තනිවෙනා මහා රෑක
මුමුණමින් ඒ කවිය
නුඹ නමින් හැමදාම
පෙරුම්දම් පුරනවා ...

No comments:

Post a Comment